Oct 28, 2010

හිමිදිරිය

නිල් අතු රිකිලි අතරින් හිරැ කිරණ එන
රජකම දැරැව හද හාමිත් පලා යන
තනියට උන්න තරැ රෑනත් නිවී යන
හිමිදිරියයි මගේ තරැ නෙත් පහන් වන

අලස නොවුන විහගුන් ඔබ මොබ සරන
ලතාවකට උනුන් මියුරැ සර වයන
කැකුළු මල් පිපපෙන්නට රහසේ හදන
හිමිදිරියයි ලොවට ඇරඹුම ගෙනෙන

මිණි මුතු වගේ පිණි බිදු තණ පියස් මත
දිදුලන අරැම දැක සැනසෙන සැවොම හිත
විකසිත සුවද කුසුමක් සේ පෙනෙනු ඇත
හිමිදිරියයි නැගෙන හැගුමෙන් පිබිද ගත

Oct 27, 2010

අඹ මිතුරෝ


දුකට ළගින් සැනසුම සොයනට ඉන්න
සැපට ළගින් සෞදිය පුරනට ඉන්න
සැමට කලින් තනියට ළග ඉද ගන්න
මිතුරැකමයි බැදුනේ අප හිත් ගන්න

කෑවද නොකෑවද කියලා සොයන්නට
බැනුමෙන් කරන දේ හරියට කරන්නට
දිවිකතරේ දෙඅත් අල්ලන් දුවන්නට
මිතුරැකමයි තිබුණේ නෙත් පෙනෙන්ට

මිතුර නුඹේ කදුළු මගේ දෙඋර මත
තියා සැනසියන් වැගිරෙන කදුළු හිත
ඉකිය වහං කර ගන්නට දැනෙන දුක
කියා සැනසියන් හද පිරි සුසම මට

මෙහෙමත් මිනිස්සු

විකසිත කුසුම් අකලට මිලිනව යද්දී
දහසක් පැතුම් ගිනි දැල්ලට අසු වෙද්දී
ඇස්කන් පියාගෙන යන මිනිසුන් ඉද්දී
අහපන් නුඹත් බුදු හිමි වැඩි රට සිද්දී

වෙසක් දාට දන් පිං කරනා ඇත්තෝ
පහුවදාට මත්පැන් රස විද ගත්තෝ
වැදූ මවට ගරැ කරනා ගුණ නැත්තෝ
කල පව් දරා ගෙන නිරයේ හිද ගත්තෝ

හිතට බයයි

ලෙන්ගතුකම තිබුණත් පුර හදත් එක්ක
සුවදට හිත තිබුණත් පිපි මලක් එක්ක
ලංවී ඉන්නට හිතුණත් නුඹත් එක්ක
ඇරඹුමකට බයයි විදපු දුකත් එක්ක

අමාවකට සද නෑවිත් උන්නාම
ඉඩෝරයට වැසි නොවැටී තිබුණාම
නිවාඩුවට දැක ගන්නට නොවුණාම
දරා ගන්න හැකි වෙද දුක හැමදාම

නුඹේ යුතුකම


රට රකිනා පුතුන් දස දහසක් හිටපු
ගෙල මල් දමින් සරසා පිලි ගනිපු
යන එන අතර මගකදි දුටුවා විදපු
කම්කටුලෙන් උපන් දුක උන් ළග හිදපු

අවි අත දරා රැක මව් බිම ජය ගත්‍තේ
විරැ දු පුතුන්ගේ අගයත් දැන ගත්තේ
මිනිසුන් හිටපු රටකින් අද දැක ගත්තේ
අසුනක්වත් නොදී බසයේ ඉද ගත්තේ

යකඩ පයට වාරැව දෙන්නට උන්න
මිනිසුන් කොයිද අද මගේ දරැවන් රකින
තමන් ණයැති හෙල දරැවන් රැක ගන්න
හිතපන් මිනිසුනේ උන්‍ සිත් සනසන්න




කදුළ

රෑ වරැනට පද බදින්න
පුර හදකට සමකරන්න
නින්ද නොනින්දේ උන් මට
හිතයි කවියකින් කියන්න


මහ වැස්සට බිම තෙමෙනා
වගේ මගේ හිත තෙමන්න
පුංචි දේකටත් අඩන්න
එපා මගේ තනි රකින්න
සිහිනෙක මාළිගා තැනූ
සෙනෙහසකට අතැර යන්න
ඈ සමුගෙන යන දවසට
ඇස් වල කදුළක් තියන්න

දුප්පත්කමෙන් මිරිකුණු ආදරය

නොමැති මන්දිර සදලු
බුමුතුරැණු නන් පැහැ එලු
ඇසෙන ගී හඩ කුරැලු
මැද නුඹයි උනෙ තුරැලු

ඉකි බිදින වැහි අදුර
බිදුණු වහලේ අතර
පය සිඹින වැහි වතුර
නොදැක ඉනු මා සොදුර

චිමිනියේ ගිනි සිලුව
ඔහේ සැලි සැලි නැටුව
නිවී කලුවර සැදුව
සැදෑවට ඉමු දොඩමළුව

වෙනස් නොවුනෙ මම විතරද

වෙනස් නොවුනෙ මම විතරද



තනිකම හිත පුරවා ගෙන
උන්නු ගෙවුණු තුන් තිස් පැය
මහා කල්පයට වැඩි බව
දැන උන්නේ මම විතරද

අතිනත පටලා වෙරළේ
ක්ෂිතිජ ඉමට නෙත් දිවු හැටි
වළාකුළු වියන් අතරේ
සිහින මාළිගා හැදු හැටි
කාළය යද්දී ගතවී
වෙනස් නොවුනෙ මම විතරද

සෙනෙහස උතුරා යද්දී
සැගවි ලොවට අපි උන් හැටි
අනෝර මහ වැහි අතරින්
එක කුඩයක අපි ගිය හැටි
කාළය යද්දී ගතවී
වෙනස් වුනේ මම විතරද

Oct 15, 2010

කවුරැ හරිද මංදා

හර්ෂ


බොරැවේ උපත සොය සොය පොත් පත් අතරේ
කාළය ගෙවූවට හමුවුනෙ නෑ මිතුරේ
ඇස් කන් විහිදලා බැලුවම දස අතරේ
හමුවුණි උපත බොරැවේ,ගැහැනුන් අත‍රේ

ඉහලට නගින මිනිසුන් පසුපස ඉන්නේ
මව්වරැ වගේ ගැහැනුන් බව පිලි ගන්නේ
පහලට වැටෙන මිනිසුන් පසු පස ඉන්නේ
බොරැවට පණ පෙවූ විගඩම් බව දන්නේ

දහසක් සිහින ඇස් ළග මවලා පෙන්නා
අතේ තියෙන සතයත් රහසේ පන්නා
පැන යන්නට දෙනෙත් පියවෙන තුරැ ඉන්නා
ගැහැනුන් ගැන හිතා නොහැඩුවොතින් දින්නා



අමා


ළබැදි දයාවෙන් ඔබ හට කියන්නද
දුක සිතෙනවා සත්තයි අණුවන සබද
බොරුවේ උපත කිවේ පන්ඩිතයෙක්ද
මේ කීවෙත් නුබ බොරුවකී පිළිගන්නවද

බොරුවේ උපත සෙව්වෙත් නුබ බොරුවෙන්ද
තව තව ඇත්ත කීවත් අපි පිළිගන්නවද
අහෝ මිතුර මායම් දැක නැතුවාද
පිරිමි කියන්නේ සිල් ගත් බමුණන්නද......???



හර්ෂ


දහසක් ළගට ගොස් ඇහුවොත් මේ පැනය
පිළිගන්නට වෙන එකත් නංගියෙ නුඹ සතුය
තොප්පිය දාගන්න පෙර සිතුවානම් කවිය
මම නම් කියූවේ සමහර අය ගැනය



අමා


සමහර අයව වෙන් කෙරුවත් අයියේ ඔන්න
ඒ අය වුනත් ගැණනුන් බව දැන ගන්න
පු0චි බොරුව හිස් මුදුනින් පිළිගන්න
මෝඩ කමේ උපතයි පිරිමින් ඔන්න...



හර්ෂ


බොරැවෙ උපත ගැහැණුන් කියනා එකට
අමා නංගියේ නුඹහට දුක හිතුනාට
ඔයත් ඔන්න කිව්වා බොරැවක් රස‍ට
යන්නට ආසයිද නංගියෙ මම කියු ගොඩට

හැන්දේ මිට වගේලූ ගෑනුන්ගේ මොළය
නංගෝ මම නෙමෙයි කිව්වේ පඩිවරැය
ඒ වගේ කතා නම් පිරිමින් හට නැතය
ඒ වගෙ කථාවක් කිව්වට මට දුකය............




අමා


ළබැදි දයාවෙන් ඔබ හට කියන්නද
දුක සිතෙනවා සත්තයි අණුවන සබද
බොරුවේ උපත කිවේ පන්ඩිතයෙක්ද
මේ කීවෙත් නුබ බොරුවකී පිළිගන්නවද



හර්ෂ


දහසක් ළගට ගොස් ඇහුවොත් මේ පැනය
පිළිගන්නට වෙන එකත් නංගියෙ නුඹ සතුය
තොප්පිය දාගන්න පෙර සිතුවානම් කවිය
මම නම් කියූවේ සමහර අය ගැනය



අමා


බක පණ්ඩිත විලස කවි ලිය ලිය ඉන්න
මේ වගේ පුන්චි දෙකින් සැනසුම ලබන
සුන්දර ගැහැණියට ඇගිල්ල දිගු කරන
අග මුල කියනවාද අනේ මට දැන ගන්න.....?



හර්ෂ


කවි ලියවෙන්නෙ බක පණ්ඩිතයන්ට විතරද
එහෙනම් ඔයත් බක බක පණ්ඩිතයෙක් නොවෙද
අහසේ තරැ බලන් කෙල ගැහුවොතින් අද
තේරේවී නුඹට නිව්ටන් කියපු පද



අමා


හිතවත් ඔබ මොනවද මේ පවසන්නේ
නුබ වැනි අය ගැනනම් මා හොද හැටි දන්නේ
කෙසේ වෙතත් මෙතැනින් නෑ පරදින්නේ
එහෙත් නිදිමතයි කාටද එය පවසන්නේ....?



හර්ෂ


රත් උන හිස් මොළය කුල්මත් කරන්නට
නංගියෙ සිතු එකනම් හොදයි නිදි යන්ට
බොරැ කිය කියා උන්නත් පෙන්නා ‍ලොවට
තුති දෙමි කවි වැලට පිළිතුරැ දුන්නාට



අමා


ඉහ මොළ රත් වෙනවා මේ කවි දැක්කාම
නිදියන්නේ පුරුදුකම හින්දයි ඉතින් මෙහෙම
දුටුවා අදත් නෙතින් දිව ගිය මුවන් මම
එබැවින් නුබ කීව කිසිවක් නොවෙයි සම



හර්ෂ


හද්ද වන්නියේ ඉන්නා මේ නංගට
ගෑනුන්ගේ හැටි පුළුවන් වේද දැන ගන්ට
කොළඹට ඇවිත් ඇහැ කණ ඇරලා ඉන්ට
පුළුවන් වේවි මා කියු දේ දැන ගන්ට

නංගියෙ මම ආයෙ කැම්පස් යා යුතුය
තව කිව්වොතින් හොදටම කන්නට හැකිය
අවසන් කරමු මේ ගැන ඇතිවුන හබය
අමතක කර ඉන්න ගෑණුන් ගැන කියු පදය



අමා


සක්සුද සේම කියනා දේ පැහැදිළිය
එය නොපිළිගන්නේ තව මදිකමය
බොරුවේ උපත අවසානය නිගමනය
තනි උපතක් ලොව නැත පිරිමින් පළිය...



හර්ෂ


පැහැදිලි නම් නගේ දැන් වැටහී ඇත්ද
තවමත් ඉතින් කියු දේ පිලිගන්නට බැරිද
බොරැව උපන්නේ ගැහැණුන්ගේ ළගද
ජනමත විමසුමක් තිබ්බොත් හොද නැද්ද



අමා


කට ඇති පුතුන් වැදු අම්මේ නුබ නාඩන්
මුන්ගේ මොළය දැන්නම් පදමට වැඩියෙන්
කාට කියන්නද මේ බොරු අරුමෝසන්
ඕන දෙයක් මා එකට සූදානන්......



හර්ෂ


කට ඇති පුතුන් වැදු මව්වරැ ලොව දිදුලයි
බොරැ කියනා කතුන් මව්ගේ නම කෙලසයි
අරැමෝසම් පැළදි ගැහැණුන් අහසේ ඉගිලෙයි
අවසානයේ අම්මා ළග ඉන්නෙ පුතයි



අමා


ඒ ගැන ඉතින් කියනා කට කුමකටද
පුතණින් දෙන තිළිණයනම් ගිලන් ඇද
සෙවණල්ලයි දියණිය සැමදාම සද
අනේ ඉතින් දැන්වත් පිළිගන්නවද...?



හර්ෂ


බොරැ කියනා කටේ නම් ඇති වැඩක් නැත
දැන හෝ නොදැන පිලිගත්එක හොදට ඇත
ගැහැණුන් කියන දේවල් වල ඵලක් නැත
දන්නෝ දනිති කවුරැද බොරැවේ උපත

ගැහැණුන් කියන මඩ ගොහුරේ පිපුණු මල
අම්මා නොවෙද සුවදින් නැහවුවේ ලොව
ඒ ගැන නගේ කිව්වට නම් ඵලක් නැත
අම්මා ගැන ලියන්න‍ට නම් මට වචන නැත



අමා


හැමදාමත් පිරිමින් දන්නේ එකම දෙයයි
හැම දෙයක්ම ගැහැණුන්ගේ පිටින් යවයි
වැරදි නුබ නොවේයි උපන්න නුබේ රටෙයි
මොකක් කළත් සැමදා ඇය ගැරහුමේමයි.....

බිහි කරලා දුක් වින්දත් වැරදි ඇයමයි
ආදරයෙදි අතැහැරියෙත් ඇය හින්දයි
තලා පෙළා රිදවන්නෙත් ඇය හින්දයි
නුබ නොදන්න කදුලු සයුරේ ඇය ගිලුනයි....

වැරදි කළත් එකට පළි ගැහැණියනම්
මිනි මැරුවත් එකට මුල ඒ කතනම්
නුබ සොයනා බොරු උපතත් ඇය ළගනම්
ඇයට කදුලු දෙන්නකෝ ගැරහුම් පුදමින්...



දිල්ෂාන්


කියෙව්වා මුල සිට නුඹලගේ කවි සටන
දැනේනවා හදවතට දුකක් එය කියවන කලට
ගැටලුව උපතේ බොරුව ගැනුන් බවද
එහෙම නම් අවසරයි පවසන්නට මාත් යමක්

ඇස් කන් විහිදලා බලලත් දස අතරේ
දුටුවේ බොරු කියන්නේ ගැහැනුන් පමනක් බවද
කැමති පවසන්නට නුඹ හට මා සබදේ
ගලවන්න නුඹ දාගෙන ඇත්නම් කණ්නාඩි

මිනිසුන් අරුමයකි තෙරුම ගත නොහැකි
කොපමන හැදින ගත්තත් නොහැකිය සිත දැනගන්න
කට පුරා පවසන්නේ නැති දේ ඇති සැටිය
ගැහැනුන් මෙන්ම පිරිමින්ද බොරු කියනව සත්තයි

පඩිවරුන් පැවසුවේ බොරුවේ උපත ගැනුන් බවද
පැවසුවෙ නැතිද ඉහලට නගින පිරිමින් පසුපස ගැහැනුන් ඇති බවට
කුමක් පැවසුවත් එදවසේ වියතුන් සිටිය
දැන් නම් ලෝකය වෙනස් වී ඇත මා සබඳ

ගැහැනුන් මෙන්ම පිරිමින්ද ජිවිත බිලි ගන්නේ
හිතුවොත් සාදාරනව නුඹටත් එය වැටහේවී
පවසා ඇතත් යම් යම් දේවල් පඩිවරුන් එදා
දැනේනවා ඔවුනුත් පිරිමින් කියා

යමෙකෙකු පැවසු දෙයක් අපසු නොකියන්න
ඇස් කන් වසා ලොව දේස නොබලන්න
හදවතට එකගව තිරන ගන්න
වැටහේවි නුඹටත් සත්‍ය කුමක් කියා



අමා


අපේ සටන සම කරනට සිරි අයියේ
පැමිණි නුබව පිළිගන්නෙමු හද රිසිසේ
දැන්වත් හර්ශ පිළිගන්නකෝ මා කී දේ
පනහට පනහා ගානේ දෙන්නම් මෙලෙසේ



හර්ෂ


බොරැවට උරැම බොරැ කියනා සියලු දනන්
වෙන්කර බෙදනු බෑ කවියට ලියූ ලෙසින්
අහවර කරන්නට කවියෙන් කියූ වදන්
තුති දෙමි සහය දුන් නංගියෙ සතුටු සිතින්




ඉෂාර අයිය


බොරුවේ උපත සොයනා මේ මගෙ මිතුරේ
මේකට ඇයිද ගැහැණුන් හට දොස් නැගුවේ
බොරුවේ උපත කාටත් නොදැනිම වූයේ
මානව සන්නිවේදනය ඇරඹුම වූ දිනයේ




අමා


තුති මල් කුමට දිනුමයි අයියේ ඕන
එ මල්නම් නෙලුමට කාටත් හැකිය
පිළිගත්තා මා දන්නෙමි එය සොදින
අවසර ඉතින් යන්නකෝ පැරදුම රැගෙන....

අනේ ඉතින් අඩු පාඩුව ඔයා තමයි
ඔයාගේ ඔය ගෙම් වලට අපි අහු වෙයි
කොපමණද දැගලුවත් අවසානය මෙකයි
කුමක් කළත් පිරිමිය ගැහැණියට යටයි......




හර්ෂ


පරදින්නට තරම් මහ ලොකු දෙයක් නැත
කවුරැත් දන්න ඇත්තක අවසනක් නැත
යට කර ගන්න හැදුවට හොල්ලලා කට
ගැහැණුන්ගේ තරම දනිතී විදවනා අය




අමා


විදවන්නේ පිරිමින් විතරයිද ලොවේ
ඒකත් සම සමයි නෑ වෙනසක් දුටුවේ
ඇති නැති තරම කොපමණ වුවත් කීවේ
ඔබමනේ බොරු විගඩම් පටලන්නේ...

මේ රටේ උපත ගැන නුබලා දන්නැත්ද
විජය කුමරු තමයි ල0කාවේ මුල් උපත
කුවේණියයි දුක් වින්දේ ඒ පවට
විජය කියන්නේ අයියෝ ගැහැණියද......??



කාලය නොමැති නිසා මෙම විවාදය මෙතනින නවත්තමි

මට ගුටි කන්න වේවිද මංද

බොරැවේ උපත සොය සොය පොත් පත් අතරේ
කාළය ගෙවූවට හමුවුනෙ නෑ මිතුරේ
ඇස් කන් විහිදලා බැලුවම දස අතරේ
හමුවුණි උපත බොරැවේ,ගැහැනුන් අත‍රේ

ඉහලට නගින මිනිසුන් පසුපස ඉන්නේ
මව්වරැ වගේ ගැහැනුන් බව පිලි ගන්නේ
පහලට වැටෙන මිනිසුන් පසු පස ඉන්නේ
බොරැවට පණ පෙවූ විගඩම් බව දන්නේ

දහසක් සිහින ඇස් ළග මවලා පෙන්නා
අතේ තියෙන සතයත් රහසේ පන්නා
පැන යන්නට දෙනෙත් පියවෙන තුරැ ඉන්නා
ගැහැනුන් ගැන හිතා නොහැඩුවොතින් දින්නා

Aug 17, 2010

අහිමි දෙපා

ඉවසා ඉන්නද මං

පිළිගැනීම


දහතුන් වසක් අවසන එළබුණ අදයි
කෙම්බිම සොයන්නට පියමං කළ නුඹයි
පිළිගන්නට නගේ මල්ලියේ අවසරයි
මේ විදුදැයේ මල් පිපෙනා කාළයයි

Aug 6, 2010

පිණි බිංදු අරං


පිණි බිංදු අරං වැස්ස ඇවිත්
සද එළිය මැදින්
ඒ වැස්සෙ ඇවිද යන හිත
ගැන සදට හිත ගිහින්

මුතු කුඩයක් වී නුඹ යන මග
ඉන්න පැතුව මං
පිණි බිංදු ඇවිත් ඔය කම්මුලෙ
තනිය මැකුව නම්
පිණි බිංදු ඇවිත් ඔය කම්මුලෙ
තනිය මැකුව නම්

පන්හිදට නුඹේ හිත ලියන්න
කවිය හෙව්ව මං
නුඹ වීදි කොනින් මගෙ දෙනෙතට
නොපෙනි ගියා නම්
නුඹ වීදි කොනින් මගෙ දෙනෙතට
නොපෙනි ගියා නම්

දරා දස මස


දරා දස මස කුස දරා
විදී දුක් කදුළින් වසා
සොයා ගිය ජය ටැඹ සොයා
විගස එමි මව් සෙනෙ සොයා

පුංචි දෙපයට දිරිය දී
දුන්නු මග පෙන්වා නිතී
අම්මෙ නුඹෙ සුවදට මගේ
තවම නෙත් කදුළින් තෙමේ

වැහැරි වත රෝ ගොදුරැ වී
පැතුම් ළග සතපා නෙතූ
ඈත මග පෙනෙනට දුරින්
තවම එමි මම දුක් සිතින්

අම්මෙ නුඹෙ සුවදට මගේ
තවම නෙත් කදුළින් තෙමේ................

අද සද පෑයුවාට



අද සද පෑයුවාට මතකද දවසක් තිබුණා
කදුළු පිරැනු දෙනෙත් වලින් රෑ කළුවර ගෙව්වා
හිතා ගන්න බෑ ඔය හිත මගේම උන හිංදා
ඝණදුරැ රෑ හදිස්සියෙම සද කිරණක් වැටුනා

දිනා ගන්න හිත මැදියම පුරාවටම කළ දේවල්
මතක් වෙද්දි හිතට නිවන නෑ
අහංකාර නුඹ යන කොට දෑසට කදුළක් තනිකර
හැඩුවා නුඹ හැරී බැලුවෙ නෑ

හදා ගන්න බැරි තරමට බිදුනා හිත හැමදාමත්
නුඹ මගෙ හිත ගැන සිතුවේ නෑ
දවසක් යන මග නුඹ හිද දුන්න හසුන අත දිගුකර
ලැබුනා මට මගේ සිතුම් පෑ






Aug 5, 2010

සද වත වැසෙන්න


සද වත වැසෙන්න වැහි අදුරක් ආවට අහසේ
දොඩමළු වී පෙම්බස් දෙඩු කාළය ඇති රහසේ
හිත තියා ගන්න නුඹ ළගින්ම නොමියෙන හිරැසේ
මට කියා දෙන්න ඇයි මෙතරම් ආදරේ පණසේ

කලා වැවට ඉකි බිදිනා ගං දිය ඉවුරේ
බලා උන්න ඈතින් හින හෙන නුඹෙ අරැමේ
සගවා ගෙන යන්නට හිත නොදැක්ක විලසේ
බැරි උනාමනම් ඉන්නද අත ගන්න නුඹේ

හඩා වැටෙන මන්දාරම් නිල් අහස් කොනේ
පායන දේදුන්නනක ලියවමුද ආදරේ
හඩා වැටෙන සිතුවිලි ළග ගලන ජීවිතේ
හදා ගන්න පුළුවන් , නම් සද ඉන්න අහස මගේ

Aug 4, 2010

ඡන්ද මුලාව

ඡන්ද මුලාව


බිත්ති පුරා ඇලවෙන මුහුනත් තහඩු
සගවන්නට හදනව උන් කළ පාඩූ
ගන්න හිතා ගෙන උන්නත් හැම වාඩූ
ගෙල දාගන්න දෙනවා ඡන්දය තොණ්ඩූ

Oct 28, 2010

හිමිදිරිය

නිල් අතු රිකිලි අතරින් හිරැ කිරණ එන
රජකම දැරැව හද හාමිත් පලා යන
තනියට උන්න තරැ රෑනත් නිවී යන
හිමිදිරියයි මගේ තරැ නෙත් පහන් වන

අලස නොවුන විහගුන් ඔබ මොබ සරන
ලතාවකට උනුන් මියුරැ සර වයන
කැකුළු මල් පිපපෙන්නට රහසේ හදන
හිමිදිරියයි ලොවට ඇරඹුම ගෙනෙන

මිණි මුතු වගේ පිණි බිදු තණ පියස් මත
දිදුලන අරැම දැක සැනසෙන සැවොම හිත
විකසිත සුවද කුසුමක් සේ පෙනෙනු ඇත
හිමිදිරියයි නැගෙන හැගුමෙන් පිබිද ගත

Oct 27, 2010

අඹ මිතුරෝ


දුකට ළගින් සැනසුම සොයනට ඉන්න
සැපට ළගින් සෞදිය පුරනට ඉන්න
සැමට කලින් තනියට ළග ඉද ගන්න
මිතුරැකමයි බැදුනේ අප හිත් ගන්න

කෑවද නොකෑවද කියලා සොයන්නට
බැනුමෙන් කරන දේ හරියට කරන්නට
දිවිකතරේ දෙඅත් අල්ලන් දුවන්නට
මිතුරැකමයි තිබුණේ නෙත් පෙනෙන්ට

මිතුර නුඹේ කදුළු මගේ දෙඋර මත
තියා සැනසියන් වැගිරෙන කදුළු හිත
ඉකිය වහං කර ගන්නට දැනෙන දුක
කියා සැනසියන් හද පිරි සුසම මට

මෙහෙමත් මිනිස්සු

විකසිත කුසුම් අකලට මිලිනව යද්දී
දහසක් පැතුම් ගිනි දැල්ලට අසු වෙද්දී
ඇස්කන් පියාගෙන යන මිනිසුන් ඉද්දී
අහපන් නුඹත් බුදු හිමි වැඩි රට සිද්දී

වෙසක් දාට දන් පිං කරනා ඇත්තෝ
පහුවදාට මත්පැන් රස විද ගත්තෝ
වැදූ මවට ගරැ කරනා ගුණ නැත්තෝ
කල පව් දරා ගෙන නිරයේ හිද ගත්තෝ

හිතට බයයි

ලෙන්ගතුකම තිබුණත් පුර හදත් එක්ක
සුවදට හිත තිබුණත් පිපි මලක් එක්ක
ලංවී ඉන්නට හිතුණත් නුඹත් එක්ක
ඇරඹුමකට බයයි විදපු දුකත් එක්ක

අමාවකට සද නෑවිත් උන්නාම
ඉඩෝරයට වැසි නොවැටී තිබුණාම
නිවාඩුවට දැක ගන්නට නොවුණාම
දරා ගන්න හැකි වෙද දුක හැමදාම

නුඹේ යුතුකම


රට රකිනා පුතුන් දස දහසක් හිටපු
ගෙල මල් දමින් සරසා පිලි ගනිපු
යන එන අතර මගකදි දුටුවා විදපු
කම්කටුලෙන් උපන් දුක උන් ළග හිදපු

අවි අත දරා රැක මව් බිම ජය ගත්‍තේ
විරැ දු පුතුන්ගේ අගයත් දැන ගත්තේ
මිනිසුන් හිටපු රටකින් අද දැක ගත්තේ
අසුනක්වත් නොදී බසයේ ඉද ගත්තේ

යකඩ පයට වාරැව දෙන්නට උන්න
මිනිසුන් කොයිද අද මගේ දරැවන් රකින
තමන් ණයැති හෙල දරැවන් රැක ගන්න
හිතපන් මිනිසුනේ උන්‍ සිත් සනසන්න




කදුළ

රෑ වරැනට පද බදින්න
පුර හදකට සමකරන්න
නින්ද නොනින්දේ උන් මට
හිතයි කවියකින් කියන්න


මහ වැස්සට බිම තෙමෙනා
වගේ මගේ හිත තෙමන්න
පුංචි දේකටත් අඩන්න
එපා මගේ තනි රකින්න
සිහිනෙක මාළිගා තැනූ
සෙනෙහසකට අතැර යන්න
ඈ සමුගෙන යන දවසට
ඇස් වල කදුළක් තියන්න

දුප්පත්කමෙන් මිරිකුණු ආදරය

නොමැති මන්දිර සදලු
බුමුතුරැණු නන් පැහැ එලු
ඇසෙන ගී හඩ කුරැලු
මැද නුඹයි උනෙ තුරැලු

ඉකි බිදින වැහි අදුර
බිදුණු වහලේ අතර
පය සිඹින වැහි වතුර
නොදැක ඉනු මා සොදුර

චිමිනියේ ගිනි සිලුව
ඔහේ සැලි සැලි නැටුව
නිවී කලුවර සැදුව
සැදෑවට ඉමු දොඩමළුව

වෙනස් නොවුනෙ මම විතරද

වෙනස් නොවුනෙ මම විතරද



තනිකම හිත පුරවා ගෙන
උන්නු ගෙවුණු තුන් තිස් පැය
මහා කල්පයට වැඩි බව
දැන උන්නේ මම විතරද

අතිනත පටලා වෙරළේ
ක්ෂිතිජ ඉමට නෙත් දිවු හැටි
වළාකුළු වියන් අතරේ
සිහින මාළිගා හැදු හැටි
කාළය යද්දී ගතවී
වෙනස් නොවුනෙ මම විතරද

සෙනෙහස උතුරා යද්දී
සැගවි ලොවට අපි උන් හැටි
අනෝර මහ වැහි අතරින්
එක කුඩයක අපි ගිය හැටි
කාළය යද්දී ගතවී
වෙනස් වුනේ මම විතරද

Oct 15, 2010

කවුරැ හරිද මංදා

හර්ෂ


බොරැවේ උපත සොය සොය පොත් පත් අතරේ
කාළය ගෙවූවට හමුවුනෙ නෑ මිතුරේ
ඇස් කන් විහිදලා බැලුවම දස අතරේ
හමුවුණි උපත බොරැවේ,ගැහැනුන් අත‍රේ

ඉහලට නගින මිනිසුන් පසුපස ඉන්නේ
මව්වරැ වගේ ගැහැනුන් බව පිලි ගන්නේ
පහලට වැටෙන මිනිසුන් පසු පස ඉන්නේ
බොරැවට පණ පෙවූ විගඩම් බව දන්නේ

දහසක් සිහින ඇස් ළග මවලා පෙන්නා
අතේ තියෙන සතයත් රහසේ පන්නා
පැන යන්නට දෙනෙත් පියවෙන තුරැ ඉන්නා
ගැහැනුන් ගැන හිතා නොහැඩුවොතින් දින්නා



අමා


ළබැදි දයාවෙන් ඔබ හට කියන්නද
දුක සිතෙනවා සත්තයි අණුවන සබද
බොරුවේ උපත කිවේ පන්ඩිතයෙක්ද
මේ කීවෙත් නුබ බොරුවකී පිළිගන්නවද

බොරුවේ උපත සෙව්වෙත් නුබ බොරුවෙන්ද
තව තව ඇත්ත කීවත් අපි පිළිගන්නවද
අහෝ මිතුර මායම් දැක නැතුවාද
පිරිමි කියන්නේ සිල් ගත් බමුණන්නද......???



හර්ෂ


දහසක් ළගට ගොස් ඇහුවොත් මේ පැනය
පිළිගන්නට වෙන එකත් නංගියෙ නුඹ සතුය
තොප්පිය දාගන්න පෙර සිතුවානම් කවිය
මම නම් කියූවේ සමහර අය ගැනය



අමා


සමහර අයව වෙන් කෙරුවත් අයියේ ඔන්න
ඒ අය වුනත් ගැණනුන් බව දැන ගන්න
පු0චි බොරුව හිස් මුදුනින් පිළිගන්න
මෝඩ කමේ උපතයි පිරිමින් ඔන්න...



හර්ෂ


බොරැවෙ උපත ගැහැණුන් කියනා එකට
අමා නංගියේ නුඹහට දුක හිතුනාට
ඔයත් ඔන්න කිව්වා බොරැවක් රස‍ට
යන්නට ආසයිද නංගියෙ මම කියු ගොඩට

හැන්දේ මිට වගේලූ ගෑනුන්ගේ මොළය
නංගෝ මම නෙමෙයි කිව්වේ පඩිවරැය
ඒ වගේ කතා නම් පිරිමින් හට නැතය
ඒ වගෙ කථාවක් කිව්වට මට දුකය............




අමා


ළබැදි දයාවෙන් ඔබ හට කියන්නද
දුක සිතෙනවා සත්තයි අණුවන සබද
බොරුවේ උපත කිවේ පන්ඩිතයෙක්ද
මේ කීවෙත් නුබ බොරුවකී පිළිගන්නවද



හර්ෂ


දහසක් ළගට ගොස් ඇහුවොත් මේ පැනය
පිළිගන්නට වෙන එකත් නංගියෙ නුඹ සතුය
තොප්පිය දාගන්න පෙර සිතුවානම් කවිය
මම නම් කියූවේ සමහර අය ගැනය



අමා


බක පණ්ඩිත විලස කවි ලිය ලිය ඉන්න
මේ වගේ පුන්චි දෙකින් සැනසුම ලබන
සුන්දර ගැහැණියට ඇගිල්ල දිගු කරන
අග මුල කියනවාද අනේ මට දැන ගන්න.....?



හර්ෂ


කවි ලියවෙන්නෙ බක පණ්ඩිතයන්ට විතරද
එහෙනම් ඔයත් බක බක පණ්ඩිතයෙක් නොවෙද
අහසේ තරැ බලන් කෙල ගැහුවොතින් අද
තේරේවී නුඹට නිව්ටන් කියපු පද



අමා


හිතවත් ඔබ මොනවද මේ පවසන්නේ
නුබ වැනි අය ගැනනම් මා හොද හැටි දන්නේ
කෙසේ වෙතත් මෙතැනින් නෑ පරදින්නේ
එහෙත් නිදිමතයි කාටද එය පවසන්නේ....?



හර්ෂ


රත් උන හිස් මොළය කුල්මත් කරන්නට
නංගියෙ සිතු එකනම් හොදයි නිදි යන්ට
බොරැ කිය කියා උන්නත් පෙන්නා ‍ලොවට
තුති දෙමි කවි වැලට පිළිතුරැ දුන්නාට



අමා


ඉහ මොළ රත් වෙනවා මේ කවි දැක්කාම
නිදියන්නේ පුරුදුකම හින්දයි ඉතින් මෙහෙම
දුටුවා අදත් නෙතින් දිව ගිය මුවන් මම
එබැවින් නුබ කීව කිසිවක් නොවෙයි සම



හර්ෂ


හද්ද වන්නියේ ඉන්නා මේ නංගට
ගෑනුන්ගේ හැටි පුළුවන් වේද දැන ගන්ට
කොළඹට ඇවිත් ඇහැ කණ ඇරලා ඉන්ට
පුළුවන් වේවි මා කියු දේ දැන ගන්ට

නංගියෙ මම ආයෙ කැම්පස් යා යුතුය
තව කිව්වොතින් හොදටම කන්නට හැකිය
අවසන් කරමු මේ ගැන ඇතිවුන හබය
අමතක කර ඉන්න ගෑණුන් ගැන කියු පදය



අමා


සක්සුද සේම කියනා දේ පැහැදිළිය
එය නොපිළිගන්නේ තව මදිකමය
බොරුවේ උපත අවසානය නිගමනය
තනි උපතක් ලොව නැත පිරිමින් පළිය...



හර්ෂ


පැහැදිලි නම් නගේ දැන් වැටහී ඇත්ද
තවමත් ඉතින් කියු දේ පිලිගන්නට බැරිද
බොරැව උපන්නේ ගැහැණුන්ගේ ළගද
ජනමත විමසුමක් තිබ්බොත් හොද නැද්ද



අමා


කට ඇති පුතුන් වැදු අම්මේ නුබ නාඩන්
මුන්ගේ මොළය දැන්නම් පදමට වැඩියෙන්
කාට කියන්නද මේ බොරු අරුමෝසන්
ඕන දෙයක් මා එකට සූදානන්......



හර්ෂ


කට ඇති පුතුන් වැදු මව්වරැ ලොව දිදුලයි
බොරැ කියනා කතුන් මව්ගේ නම කෙලසයි
අරැමෝසම් පැළදි ගැහැණුන් අහසේ ඉගිලෙයි
අවසානයේ අම්මා ළග ඉන්නෙ පුතයි



අමා


ඒ ගැන ඉතින් කියනා කට කුමකටද
පුතණින් දෙන තිළිණයනම් ගිලන් ඇද
සෙවණල්ලයි දියණිය සැමදාම සද
අනේ ඉතින් දැන්වත් පිළිගන්නවද...?



හර්ෂ


බොරැ කියනා කටේ නම් ඇති වැඩක් නැත
දැන හෝ නොදැන පිලිගත්එක හොදට ඇත
ගැහැණුන් කියන දේවල් වල ඵලක් නැත
දන්නෝ දනිති කවුරැද බොරැවේ උපත

ගැහැණුන් කියන මඩ ගොහුරේ පිපුණු මල
අම්මා නොවෙද සුවදින් නැහවුවේ ලොව
ඒ ගැන නගේ කිව්වට නම් ඵලක් නැත
අම්මා ගැන ලියන්න‍ට නම් මට වචන නැත



අමා


හැමදාමත් පිරිමින් දන්නේ එකම දෙයයි
හැම දෙයක්ම ගැහැණුන්ගේ පිටින් යවයි
වැරදි නුබ නොවේයි උපන්න නුබේ රටෙයි
මොකක් කළත් සැමදා ඇය ගැරහුමේමයි.....

බිහි කරලා දුක් වින්දත් වැරදි ඇයමයි
ආදරයෙදි අතැහැරියෙත් ඇය හින්දයි
තලා පෙළා රිදවන්නෙත් ඇය හින්දයි
නුබ නොදන්න කදුලු සයුරේ ඇය ගිලුනයි....

වැරදි කළත් එකට පළි ගැහැණියනම්
මිනි මැරුවත් එකට මුල ඒ කතනම්
නුබ සොයනා බොරු උපතත් ඇය ළගනම්
ඇයට කදුලු දෙන්නකෝ ගැරහුම් පුදමින්...



දිල්ෂාන්


කියෙව්වා මුල සිට නුඹලගේ කවි සටන
දැනේනවා හදවතට දුකක් එය කියවන කලට
ගැටලුව උපතේ බොරුව ගැනුන් බවද
එහෙම නම් අවසරයි පවසන්නට මාත් යමක්

ඇස් කන් විහිදලා බලලත් දස අතරේ
දුටුවේ බොරු කියන්නේ ගැහැනුන් පමනක් බවද
කැමති පවසන්නට නුඹ හට මා සබදේ
ගලවන්න නුඹ දාගෙන ඇත්නම් කණ්නාඩි

මිනිසුන් අරුමයකි තෙරුම ගත නොහැකි
කොපමන හැදින ගත්තත් නොහැකිය සිත දැනගන්න
කට පුරා පවසන්නේ නැති දේ ඇති සැටිය
ගැහැනුන් මෙන්ම පිරිමින්ද බොරු කියනව සත්තයි

පඩිවරුන් පැවසුවේ බොරුවේ උපත ගැනුන් බවද
පැවසුවෙ නැතිද ඉහලට නගින පිරිමින් පසුපස ගැහැනුන් ඇති බවට
කුමක් පැවසුවත් එදවසේ වියතුන් සිටිය
දැන් නම් ලෝකය වෙනස් වී ඇත මා සබඳ

ගැහැනුන් මෙන්ම පිරිමින්ද ජිවිත බිලි ගන්නේ
හිතුවොත් සාදාරනව නුඹටත් එය වැටහේවී
පවසා ඇතත් යම් යම් දේවල් පඩිවරුන් එදා
දැනේනවා ඔවුනුත් පිරිමින් කියා

යමෙකෙකු පැවසු දෙයක් අපසු නොකියන්න
ඇස් කන් වසා ලොව දේස නොබලන්න
හදවතට එකගව තිරන ගන්න
වැටහේවි නුඹටත් සත්‍ය කුමක් කියා



අමා


අපේ සටන සම කරනට සිරි අයියේ
පැමිණි නුබව පිළිගන්නෙමු හද රිසිසේ
දැන්වත් හර්ශ පිළිගන්නකෝ මා කී දේ
පනහට පනහා ගානේ දෙන්නම් මෙලෙසේ



හර්ෂ


බොරැවට උරැම බොරැ කියනා සියලු දනන්
වෙන්කර බෙදනු බෑ කවියට ලියූ ලෙසින්
අහවර කරන්නට කවියෙන් කියූ වදන්
තුති දෙමි සහය දුන් නංගියෙ සතුටු සිතින්




ඉෂාර අයිය


බොරුවේ උපත සොයනා මේ මගෙ මිතුරේ
මේකට ඇයිද ගැහැණුන් හට දොස් නැගුවේ
බොරුවේ උපත කාටත් නොදැනිම වූයේ
මානව සන්නිවේදනය ඇරඹුම වූ දිනයේ




අමා


තුති මල් කුමට දිනුමයි අයියේ ඕන
එ මල්නම් නෙලුමට කාටත් හැකිය
පිළිගත්තා මා දන්නෙමි එය සොදින
අවසර ඉතින් යන්නකෝ පැරදුම රැගෙන....

අනේ ඉතින් අඩු පාඩුව ඔයා තමයි
ඔයාගේ ඔය ගෙම් වලට අපි අහු වෙයි
කොපමණද දැගලුවත් අවසානය මෙකයි
කුමක් කළත් පිරිමිය ගැහැණියට යටයි......




හර්ෂ


පරදින්නට තරම් මහ ලොකු දෙයක් නැත
කවුරැත් දන්න ඇත්තක අවසනක් නැත
යට කර ගන්න හැදුවට හොල්ලලා කට
ගැහැණුන්ගේ තරම දනිතී විදවනා අය




අමා


විදවන්නේ පිරිමින් විතරයිද ලොවේ
ඒකත් සම සමයි නෑ වෙනසක් දුටුවේ
ඇති නැති තරම කොපමණ වුවත් කීවේ
ඔබමනේ බොරු විගඩම් පටලන්නේ...

මේ රටේ උපත ගැන නුබලා දන්නැත්ද
විජය කුමරු තමයි ල0කාවේ මුල් උපත
කුවේණියයි දුක් වින්දේ ඒ පවට
විජය කියන්නේ අයියෝ ගැහැණියද......??



කාලය නොමැති නිසා මෙම විවාදය මෙතනින නවත්තමි

මට ගුටි කන්න වේවිද මංද

බොරැවේ උපත සොය සොය පොත් පත් අතරේ
කාළය ගෙවූවට හමුවුනෙ නෑ මිතුරේ
ඇස් කන් විහිදලා බැලුවම දස අතරේ
හමුවුණි උපත බොරැවේ,ගැහැනුන් අත‍රේ

ඉහලට නගින මිනිසුන් පසුපස ඉන්නේ
මව්වරැ වගේ ගැහැනුන් බව පිලි ගන්නේ
පහලට වැටෙන මිනිසුන් පසු පස ඉන්නේ
බොරැවට පණ පෙවූ විගඩම් බව දන්නේ

දහසක් සිහින ඇස් ළග මවලා පෙන්නා
අතේ තියෙන සතයත් රහසේ පන්නා
පැන යන්නට දෙනෙත් පියවෙන තුරැ ඉන්නා
ගැහැනුන් ගැන හිතා නොහැඩුවොතින් දින්නා

Oct 5, 2010

මට එපා වෙලා

Oct 3, 2010

අම්මෙ නුඹ මට ඈතයි

Sep 30, 2010

වෛග්‍යාව

Sep 23, 2010

නැවට ගොඩවීම

ඇණ වීම

Sep 3, 2010

ඇරඹුම

වියෝව

Aug 27, 2010

නංගියේ

පරිත්‍යාගය 2

Aug 25, 2010

පරිත්‍යාගය

Aug 18, 2010

බලා‍ හිදීම

Aug 17, 2010

අහිමි දෙපා

ඉවසා ඉන්නද මං

පිළිගැනීම


දහතුන් වසක් අවසන එළබුණ අදයි
කෙම්බිම සොයන්නට පියමං කළ නුඹයි
පිළිගන්නට නගේ මල්ලියේ අවසරයි
මේ විදුදැයේ මල් පිපෙනා කාළයයි

Aug 13, 2010

අත්තම්මා

Aug 6, 2010

පිණි බිංදු අරං


පිණි බිංදු අරං වැස්ස ඇවිත්
සද එළිය මැදින්
ඒ වැස්සෙ ඇවිද යන හිත
ගැන සදට හිත ගිහින්

මුතු කුඩයක් වී නුඹ යන මග
ඉන්න පැතුව මං
පිණි බිංදු ඇවිත් ඔය කම්මුලෙ
තනිය මැකුව නම්
පිණි බිංදු ඇවිත් ඔය කම්මුලෙ
තනිය මැකුව නම්

පන්හිදට නුඹේ හිත ලියන්න
කවිය හෙව්ව මං
නුඹ වීදි කොනින් මගෙ දෙනෙතට
නොපෙනි ගියා නම්
නුඹ වීදි කොනින් මගෙ දෙනෙතට
නොපෙනි ගියා නම්

දරා දස මස


දරා දස මස කුස දරා
විදී දුක් කදුළින් වසා
සොයා ගිය ජය ටැඹ සොයා
විගස එමි මව් සෙනෙ සොයා

පුංචි දෙපයට දිරිය දී
දුන්නු මග පෙන්වා නිතී
අම්මෙ නුඹෙ සුවදට මගේ
තවම නෙත් කදුළින් තෙමේ

වැහැරි වත රෝ ගොදුරැ වී
පැතුම් ළග සතපා නෙතූ
ඈත මග පෙනෙනට දුරින්
තවම එමි මම දුක් සිතින්

අම්මෙ නුඹෙ සුවදට මගේ
තවම නෙත් කදුළින් තෙමේ................

අද සද පෑයුවාට



අද සද පෑයුවාට මතකද දවසක් තිබුණා
කදුළු පිරැනු දෙනෙත් වලින් රෑ කළුවර ගෙව්වා
හිතා ගන්න බෑ ඔය හිත මගේම උන හිංදා
ඝණදුරැ රෑ හදිස්සියෙම සද කිරණක් වැටුනා

දිනා ගන්න හිත මැදියම පුරාවටම කළ දේවල්
මතක් වෙද්දි හිතට නිවන නෑ
අහංකාර නුඹ යන කොට දෑසට කදුළක් තනිකර
හැඩුවා නුඹ හැරී බැලුවෙ නෑ

හදා ගන්න බැරි තරමට බිදුනා හිත හැමදාමත්
නුඹ මගෙ හිත ගැන සිතුවේ නෑ
දවසක් යන මග නුඹ හිද දුන්න හසුන අත දිගුකර
ලැබුනා මට මගේ සිතුම් පෑ






Aug 5, 2010

සද වත වැසෙන්න


සද වත වැසෙන්න වැහි අදුරක් ආවට අහසේ
දොඩමළු වී පෙම්බස් දෙඩු කාළය ඇති රහසේ
හිත තියා ගන්න නුඹ ළගින්ම නොමියෙන හිරැසේ
මට කියා දෙන්න ඇයි මෙතරම් ආදරේ පණසේ

කලා වැවට ඉකි බිදිනා ගං දිය ඉවුරේ
බලා උන්න ඈතින් හින හෙන නුඹෙ අරැමේ
සගවා ගෙන යන්නට හිත නොදැක්ක විලසේ
බැරි උනාමනම් ඉන්නද අත ගන්න නුඹේ

හඩා වැටෙන මන්දාරම් නිල් අහස් කොනේ
පායන දේදුන්නනක ලියවමුද ආදරේ
හඩා වැටෙන සිතුවිලි ළග ගලන ජීවිතේ
හදා ගන්න පුළුවන් , නම් සද ඉන්න අහස මගේ

Aug 4, 2010

ඡන්ද මුලාව

ඡන්ද මුලාව


බිත්ති පුරා ඇලවෙන මුහුනත් තහඩු
සගවන්නට හදනව උන් කළ පාඩූ
ගන්න හිතා ගෙන උන්නත් හැම වාඩූ
ගෙල දාගන්න දෙනවා ඡන්දය තොණ්ඩූ