Subscribe to:
Post Comments (Atom)
Oct 28, 2010
හිමිදිරිය
නිල් අතු රිකිලි අතරින් හිරැ කිරණ එන
රජකම දැරැව හද හාමිත් පලා යන
තනියට උන්න තරැ රෑනත් නිවී යන
හිමිදිරියයි මගේ තරැ නෙත් පහන් වන
අලස නොවුන විහගුන් ඔබ මොබ සරන
ලතාවකට උනුන් මියුරැ සර වයන
කැකුළු මල් පිපපෙන්නට රහසේ හදන
හිමිදිරියයි ලොවට ඇරඹුම ගෙනෙන
මිණි මුතු වගේ පිණි බිදු තණ පියස් මත
දිදුලන අරැම දැක සැනසෙන සැවොම හිත
විකසිත සුවද කුසුමක් සේ පෙනෙනු ඇත
හිමිදිරියයි නැගෙන හැගුමෙන් පිබිද ගත
2 comments:
- Malith Weerasinghe said...
-
elazzzzzzzzzzzzzzz
-
October 28, 2010 at 6:48 PM
- Malith Weerasinghe said...
-
elazzzzzzzzzzzzzzzz
-
October 28, 2010 at 6:48 PM
Subscribe to:
Post Comments (Atom)
2 comments:
elazzzzzzzzzzzzzzz
elazzzzzzzzzzzzzzzz
Post a Comment