
Subscribe to:
Post Comments (Atom)
Oct 27, 2010
නුඹේ යුතුකම

රට රකිනා පුතුන් දස දහසක් හිටපු
ගෙල මල් දමින් සරසා පිලි ගනිපු
යන එන අතර මගකදි දුටුවා විදපු
කම්කටුලෙන් උපන් දුක උන් ළග හිදපු
අවි අත දරා රැක මව් බිම ජය ගත්‍තේ
විරැ දු පුතුන්ගේ අගයත් දැන ගත්තේ
මිනිසුන් හිටපු රටකින් අද දැක ගත්තේ
අසුනක්වත් නොදී බසයේ ඉද ගත්තේ
යකඩ පයට වාරැව දෙන්නට උන්න
මිනිසුන් කොයිද අද මගේ දරැවන් රකින
තමන් ණයැති හෙල දරැවන් රැක ගන්න
හිතපන් මිනිසුනේ උන් සිත් සනසන්න
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment